මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා CCTV කැමරා පද්ධතියක්

January 12, 2024 - 12:31 PM
සියලුම මගී ප්‍රවාහන සේවා බස් රථ තුළ CCTV කැමරා පද්ධති සවි කිරීමට නියමිත බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඒ, හිංසන හා අපචාර සිදුවීම් පිළිබඳ අවධානය යොමු කරමින්.

රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, අපචාර ඇතුළු සංවේදී සිද්ධීන්ට අදාළ නඩු කටයුතුවලදී කාන්තාවන්ගෙන් සහ ළමුන්ගෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාගන්නා ලෙස අදාළ පාර්ශ්ව වෙත දැනුම්දී ඇති බවයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළා.
(lknews.lk)