ශ්‍රී ලංකාවට සුපිරි ජයක්

October 26, 2023 - 7:23 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර අද පැවති තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට  ශ්‍රී ලංකාව සමත් වුණා.
 
තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33 පන්දු  2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

Ben Stokes ලකුණු 43ක් සහ Jonny Bairstow ලකුණු 30ක් රැස් කළා.

ඒ අනුව ලකුණු 157ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Pathum Nissanka ලකුණු 77ක් සහ Sadeera Samarawickrama ලකුණු 65ක් රැස් කළා.
(lknews.lk)