ශ්‍රී ලංකාව හා ඉන්දියාව අද තරග බිමට

November 02, 2023 - 11:47 AM

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 33වන තරගය අද (02) ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙනවා.

තරගය පස්වරු 2.00ට Wankhede හිදී ආරම්භ වීමට නියමිතයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරග මාලාව තුළ අපරාජිත කණ්ඩායම ලෙස ඉන්දියාව සිය දක්ෂතා පෙන්නුම් කර ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ක්‍රීඩා කළ තරග 06න් ජයග්‍රහණය කර ඇත්තේ තරග 02ක් පමණයි.
(lknews.lk)