CWC23 - SL Vs NED | සිංහයන් තම පළමු ජය වාර්තා කරයි

October 21, 2023 - 6:36 PM

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් අත් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 262ක් රැස් කළා.

Sybrand Engelbrecht ලකුණු 70ක් සහ Logan van Beek ලකුණු 59ක් ලබා ගත්තා.

ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48 පන්දු 2කදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී සීමාව පසු කර ගියා.

Sadeera Samarawickrama නොදැවී ලකුණු 91ක් සහ Pathum Nissanka ලකුණු 54ක් රැස් කළා.

ඒ අනුව මෙම තරගාවලියේ පළමු ජය වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායම 9 වන ස්ථානය හිමි කර ගන්නවා.
LK NEWS