ඩීසල් නැව් 4ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය

September 26, 2023 - 2:40 PM
ඉදිරි මාස 4ක කාලයක් ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව නොවැම්බර් මස 1 වනදා සිට 2024 පෙබරවාරි මස 29 වනදා දක්වා වූ කාලය සඳහා ලංකා ඛනිජතෙල් සංස්ථාව සඳහා ඩීසල් නැව් තොග 4ක් මිල දී ගැනීම වෙනුවෙන් දිගුකාලීන කොන්ත්‍රාත්තු ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා ලංසු 5ක් ඉදිරිපත් වී ඇති බව සඳහන්.
(lknews.lk)