රාජ්‍ය සේවකයින්ගේ රුපියල් 5,000ට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

January 08, 2024 - 7:40 PM

රාජ්‍ය සේවකයන්ට ජනවාරි මාසයේ සිට ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ගෙවීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකටයි.

2024 අයවැය මඟින් එළැඹෙන අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමට යෝජනා කෙරුණා.

ඉන් රුපියල් 5000ක් මෙම මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ගෙවීමට නියමිතයි.
(lknews.lk)