ඔන්ලයින් පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

February 22, 2024 - 2:43 PM
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ හරහා එම පනත තවදුරටත් ප්‍රායෝගික වන බවයි නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවේ.

අදාළ පනත සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (21) පැවති සම්මන්ත්‍රණයක දී ඔහු මේ බව සඳහන් කළා.

මෙම පනතට අනුව සිවිල් නඩු පැවරිය හැකි බවත් තහනම් ප්‍රකාශ නිසා පීඩාවට පත් වන අය ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන පවතින බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවසුවා.

එමෙන්ම අධිකරණයට අපහාස වන ප්‍රකාශ සන්නිවේදනය වැළැක්වීම, වැරදි සිදු කරන මාර්ගගත ගිණුම් හඳුනා ගැනීම සහ තහනම් ප්‍රකාශ නැවත සන්නිවේදනය වැළැක්වීම ද මෙම පනතේ අරමුණු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
(lknews.lk)