වාහන ආනයනයට තීරු බදු ඉවත් කරයි

September 12, 2023 - 1:49 PM
තීරු බදු රහිත පදනමින් නැවත ආරෝපණය කළ හැකි විදුලි වාහන ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ, ආයෝජන ආකර්ශනය කර ගැනීමේ අරමුණින් බව සඳහන්.

දැනට පවත්නා ආයෝජන මණ්ඩල සමාගම් ප්‍රති ආයෝජන සඳහා වූ ආයෝජකයන් රඳවා ගැනීම මෙහි එක් අරමුණක් වනවා.

එමෙන්ම ව්‍යාප්ත කිරීමේ වැඩසටහන සහ ආයෝජන මණ්ඩලයේ තොරතුරු තාක්ෂණයෙන් බලගැන්වුනු සේවා සමාගම් 100ක වැඩසටහන යටතේ ආයෝජන ආකර්ෂණය කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මෙම යෝජනාවට අවසර ලබා ගැනීම පිණිස මුදල් ආර්ථිකය ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර තිබෙනවා.
(lknews.lk)