වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

September 13, 2024 - 3:24 PM
ලබන වසරේ පෙබරවාරි මාසය වන විට වාහන ආනයන  සීමා ඉවත්  කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ බව විදේශ අමාත්‍ය අලි සබ්රි x පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනය වීම සහ රුපියල ශක්තිමත් වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


[lknews]