උඳු ආනයනයට කැබිනට් අනුමැතිය

April 02, 2024 - 1:37 PM
උඳු ඇට මෙට්‍රික් ටොන් 2,000ක් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

2007 අංක 48 දරණ විශේෂ වෙළඳ භාණ්ඩ පනත මගින් පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දට යටත්ව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව, ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා හදබිම අධිකාරිය හරහා පමණක් දේශීය අවශ්‍යතාවය අනුව උඳු ආනයනය කිරීමට නියමිතයි.

එළඹෙන උත්සව සමයේදී වෙළඳපොලේ ඇති විය හැකි උඳු ඇට හිඟය වැළැක්වීමට සහ උඳු මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා එම පියවර ගෙන තිබෙනවා.

(lknews.lk)