කේක් අලෙවිය 75%කින් අඩු වෙයි

December 29, 2023 - 12:26 PM
මෙවර නත්තල් සමයේදී කේක් අලෙවිය 75%කින් අඩුවී ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසනවා.

මෙය පසුගිය වසරවලට සාපේක්‍ෂව කේක් අලෙවිය 25%ක් දක්වා අඩු වී ඇති බවයි සඳහන් වන්නේ.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ වනවිට බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාවයක් පවතින බවයි.

මේ හේතුවෙන් කේක් නිෂ්පාදන අඩු මිලට අලෙවි කිරීමේ අපහසුතාවක් පවතින බවයි ඔහු පවසා ඇත්තේ.
(lknews.lk)