ලංසු කැඳවීම අද සිට

March 05, 2024 - 11:11 AM
ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීමට ලංසු කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව, එය අද දින සිට ආරම්භ කරන බව නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පැවසුවා.

ලංසු ඇගයීම් වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)