විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම හෙට අරඹයි

June 13, 2024 - 3:58 PM
2023/2024 අධ්‍යයන වර්ෂයට අදාළව විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඔන්ලයින් අයදුම්පත් කැඳවීම හෙට ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව හෙට පෙරවරු 6.00 සිට අයැදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.

අයැදුම්පත් කැඳවීම ජූලි 5 වනදා අවසන් වනවා.

(lknews)