අද සිට සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම Online ක්‍රමවේදයට

January 23, 2024 - 9:15 AM
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අද සිට ලබන මස 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් අයදුම්පත් කැඳවන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සියලුම පාසල් අයදුම්කරුවන් සිය පාසලේ විදුහල්පතිවරයාගෙන්ද පෞද්ගලික අයදුම්කරුවන්ට ඔවුන්ට ලබාදුන් උපදෙස් අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කළ හැකියි.

රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලකින් ශිෂ්‍ය කාර්ය දර්ශනය ලබා ඇති අයදුම්කරුවන්ට පමණක් පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට අයදුම් කිරීමේ අවස්ථාව හිමි වනවා. 

එමෙන්ම මෙම වසරේ සිට පෞද්ගලික අයදුම්කරුවන්ට සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කර ඇති අතර, එය නොමැති වයස අවුරුදු 15 ට අඩු සිසුන්ට ඊට අයදුම් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට පැමිණීම අනිවාර්ය බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
(lknews.lk)