කැලිප්සෝ දුම්රිය දෙමෝදරට ගමන් අරඹයි
April 08, 2025 - 12:58 PM
දේශීය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අලුතින් නිර්මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද (08) දින උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය ස්ථානය දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ නානුඔය සිට දෙමෝදර දක්වා එම දුම්රිය සෑම අඟහරුවාදා දිනකම ගමන් ආරම්භ වන බවයි.
එමෙන්ම එම දුම්රියෙන් ගමන් කරන දෙස් විදෙස් සංචාරකයන්ට දුම්රිය මාර්ගයට දිස්වෙන සුන්දර දියඇළි ඇතුළු ආකර්ෂණිය ස්ථාන දැකබලා ගෙන ඡායාරූප ගැනීමට පහසුවන පරිදි එම දුම්රිය මැදිරි සකස්කර තිබෙනවා.
එමෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ එක් මැදිරියක් වහළක් නොමැතිව විවෘතව පවතින අතර, දුම්රියේ විශේෂ භොජනාගාරයකින්ද සමන්විත බවයි.
එම දුම්රියෙන් නානුඔය සිට දෙමෝදර දක්වා ගමන් කරනා එක් සංචාරකයෙකුගෙන් රු.10,000 /= මුදලක් අය කරනු ලබන බව කියා සිටියා.
එම දුම්රිය ගමනට එක් වූ අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ජී.එස්. පොල්වත්ත කියා සිටියේ දෙමෝදර දක්වා ධාවනය වන එම දුම්රිය යළිත් බණ්ඩාරවෙල දක්වා ධාවනය කර පසුව දෙමෝදර සිට බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කරන අතර, මෙවැනිම තවත් කැලිප්සෝ දුම්රියක් ධාවනයට එක් කිරිමට සැලසුම්කර ඇති බවයි.
(lknews.lk)