කැනඩා ඝාතනයේ සැකකරු යළි රීමාන්ඩ්

March 15, 2024 - 9:37 AM
කැනඩාවේ, ඔටාවාහී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගය යළි කැඳවා තිබෙනවා.

එම ඝාතන සම්බන්ධයෙන් මේ වන විට චෝදනා එල්ල වී සිටින්නේ 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු වන ෆෙබ්‍රියෝ ද සොයිසා වෙතයි.

ඒ අනුව ඔහුව යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම නඩු විභාගය එළඹෙන 28 වනදා යළි කැඳවීමට නියමිතයි.
(lknews.lk)