කැරට් මිල පහළට

February 15, 2024 - 9:14 AM
රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබු කැරට් 1kg සිල්ලර මිල ඊයේ (14) වන විට රුපියල් 600ක් දක්වා අඩු වී තිබෙනවා.

එමෙන්ම අනෙකුත් එළවළුවල මිල ගණන් සහ සහල්වල මිල ගණන් පසුගිය දිනයන්ට සාපේක්ෂව අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

පාරිභෝගිකයින් පවසන්නේ සම්බා සහ කීරි සම්බා සහල් හිඟයක් ඇති වී ඇති බවයි.

ඒ හේතුවෙන් කීරි සම්බා 5kg පැකට්ටුවක් රුපියල් 1800 දක්වා මිල ඉහළ ගොස් තිබෙනවා.
(lknews.lk)