බේකරි 232 කට නඩු

February 09, 2024 - 3:52 PM
නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල දර්ශනය ප්‍රදර්ශනය නොකළ බේකරි 232ක පමණ වැටලීම් සිදු කර ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.

ඒ අනුව එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් සඳහන් කළා.
(lknews.lk)