පාරිභෝගික නීති කැඩූ ගාල්ලේ වෙළෙඳුන් 815කට නඩු

January 16, 2024 - 12:19 PM
ගාල්ල දිස්ත්‍රික්කය තුළ පසුගිය වර්ෂයේ (2023) පාරිභෝගික නීතිරීති උල්ලංඝනය කළ වෙළඳුන් 815 දෙනෙකුට එරෙහිව නඩු පවරා රුපියල් එක්කෝටි අසූඅටදහසක දඩ මුදලක් අයකර ගැනීමට හැකිවූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසනවා.

ඉකුත් වර්ෂය තුළ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය මඟින් වැටලීම් 866ක් සිදුකොට තිබෙනවා.

ඉන් පාරිභෝගික නීතිරීති උල්ලංඝනය කරමින් වෙළඳාමේ නිරතවූ වෙළඳුන් 815 දෙනෙකුට එරෙහිව නඩු පවරා මෙම දඩ මුදල අයකර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

එහිදී මෙම වෙළඳුන්ට එරෙහිව ගාල්ල, ඇල්පිටිය, උඩුගම, බළපිටිය යන මහේස්ත්‍රාත් අධිකරණවලදී නඩු පවරා තිබෙනවා.
(lknews.lk)