බොරැල්ල කාසල් රෝහලෙන් වාර්තා වූ සය නිවුන් දරු උපත

October 17, 2023 - 6:37 PM
කොළඹ කාසල් රෝහලේදී මවක් විසින් නිවුන් බිළිඳුන් 6 දෙනෙකු බිහි කර තිබෙනවා. 

එලෙස නිවුන් දරුවන් හය දෙනෙකු ප්‍රසූත කර ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි මවක් බවයි වාර්තා වන්නේ. 
 
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ, පසුගිය දා මෙම බිළිඳුන් 06 බිහිකර තිබෙන අතර මව සහ බිළිඳුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.
 
මේ අතර බිළිඳුන් සියලුදෙනාටම කෘතිම ශ්වසනය ලබාදෙන බවත් එම බිළිඳුන්ගෙන් පස්දෙනෙක් මේ වනවිට කාසල් රෝහලෙත්, එක් අයෙක් කොළඹ ළමා රෝහලෙත් ප්‍රතිකාර ලබන බව එම රෝහලේ ළදරු ඒකකය භාර විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතා සඳහන් කළා.
(colombotimes.lk)