කාසල්රී වාන් දමයි - ජල විදුලිය උපරිමයෙන්

December 17, 2023 - 1:41 PM
කාසල්රී ජලාශය ඊයේ (16) දින රාත්‍රියේ සිට වාන් දැමීමට පටන්ගෙන ඇති අතර ඒ අනුව කැලණි ගඟේ ජල මට්ටම තරමක් ඉහළ ගොස් ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා.

කාසල්රී ජල පෝෂක ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් මෙලෙස වාන් දමා ඇති බව සඳහන්.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා පැමිණිමත් සමඟ විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර භාර ඉංජිනේරුවන් සඳහන් කරනවා.
(lknews.lk)