Cathay Pacific ගුවන් සමාගම වසර හතරකට පසු කොළඹ ගුවන් ගමන් නැවත අරඹයි

September 08, 2023 - 2:32 PM
හොංකොං පදනම් කරගත් Cathay Pacific ගුවන් සමාගම වසර හතරක විරාමයකින් පසු 2024 පෙබරවාරි 02 වනදා සිට කොළඹට සහ ඉන් පිටතට සිය ගුවන් ගමන් අරඹන බව දන්වා තිබෙනවා.

ඒ අනුව කොළඹ සිට එයාර්බස් A330 ගුවන් යානය සමඟ සතියකට ගුවන් ගමන් තුනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති.

මෙම ගුවන් යානය ව්‍යාපාරික පන්තියේ ආසන 28 කින් සහ පිරිමැසුම්දායක පන්තියේ ආසන 265 කින් සමන්විතයි.
(lknews.lk)