කතෝලික සංක්‍රාන්ති ලිංගිකයින්ට බව්තීස්ම වීමට අවසර

November 10, 2023 - 11:37 AM

සංක්‍රාන්ති ලිංගිකයන්ට රෝමානු කතෝලික බව්තීස්මයේදී දේව මාපියන් විය හැකි බවත්, ආගමික මංගල උත්සවවලදී සාක්ෂිකරුවන් විය හැකි බවත්, තමන් විසින්ම බව්තීස්මය ලබා ගත හැකි බවත්, වතිකානුව පවසනවා.

කෙසේ වෙතත්, සමලිංගික යුවළක් දරුකමට හදාගත් දරුවෙකු සඳහා පල්ලියේ බව්තීස්ම කළ හැකිද නැතහොත් වෙන්ත මවක් හරහා ලබා ගන්නා දරුවෙක්ව බව්තීස්ම කළ හැකිද යන ප්‍රශ්නයට පැහැදිළි පිළිතුරක් ලබා දී නැහැ.

බ්‍රසීලයේ Santo Amaro හි රදගුරු Jose Negri විසින් සංක්‍රාන්ති ලිංගිකයින්, බව්තීස්මය සහ විවාහය යන කරුණු සඳහා ඔවුන්ගේ සහභාගීත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න හයක් ජූලි මාසයේදී වතිකානුවේ මූලධර්ම කාර්යාලයට යවා ඇති බව සඳහන්.

ඉන් පසුව එම ප්‍රශ්න සහ පිළිතුරු දෙපාර්තමේන්තු ප්‍රධානී ආර්ජන්ටිනාවේ කාදිනල් වික්ටර් මැනුවෙල් ෆර්නැන්ඩස් විසින් අත්සන් කරන ලද අතර ඔක්තෝබර් 31 වන දින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් අනුමත කර තිබෙනවා.
(lknews.lk)