බූස්ස බන්ධනාගාරයේ සෝදිසියකින් හමු වූ භාණ්ඩ

October 29, 2023 - 4:22 PM
බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි කිරීමක දී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.

ඊයේ (28) පස්වරුවේ පැරණි බූස්ස බන්ධනාගාරයේ 'A' හා 'D' වාට්ටු තුළ එම සෝදිසි කිරීම සිදු කර ඇති බව සඳහන්.

එහි දී ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන 02ක් , සිම් කාඩ් පත් 02ක්, පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාර්ජර් 02ක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් සොයාගෙන තිබෙනවා.

එම දුරකථන සහ උපාංග ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරීවරයා ගේ කාර්යාලය වෙත භාර දී ඇති බව සඳහන්.
(knews.lk)