බූස්ස බන්ධනාගාරයෙන් ජංගම දුරකථන හමුවෙයි

February 11, 2024 - 7:21 PM
බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ පොළොවේ සූක්ෂම ලෙස සඟවා තිබූ ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් වි‍ශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ, ඊයේ (10) බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ A හා D වාට්ටුවල සිදු කළ හදිසි සෝදිසි කිරීමකදීයි.

එම වාට්ටු තුළ ඇතුළත පොළොව හාරා සූක්ෂම ලෙස සඟවා තිබූ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන 01ක්, කුඩා ප්‍රමාණයේ ජංගම දුරකථන 02ක්, සිම්පත් 04ක්, මෙමරි චිප් 01ක් සොයාගෙන තිබෙනවා.

මීට අමතරව පිටත ආවරණ ඉවත් කරන ලද දුරකථන චාජර් 02ක්, ඩේටා කේබල් 02ක් හා හෑන්ඩ් ෆ්‍රී 01ක් එහි තිබී හමුව ඇති බවයි වාර්තා වන්නේ.
(LKNEWS)