සේනක බටගොඩට වාරණයක්

April 02, 2024 - 3:40 PM
ගායන ශිල්පී සේනක බටගොඩ මහතාට ඔහුගේ ගීත 7ක් මින් ඉදිරියට ගයනා කිරීම වාරණය කරමින් වාරණ අඥාවක් කොළඹ වාණිජ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම වාරණය නිකුත් කර ඇත්තේ, අපි කවුරුද, අපි සැනසිල්ලේ, රස්තා, හීන වලට පණක්, අළු යට ගිනි, සැනසෙන්නම් සහ හොඳම දේ යන ගීත සඳහායි.

එම ගීතවල ඒකාබද්ධ ගීත පද රචනය, තනු නිර්මාණය සහ සංගීත සංකලනය කළ ජනිත් කුලතිලක මහතාට ගෙවිය යුතු කතෘ භාගය නොගෙවීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(lknews.lk)