විදුලිබල සේවකයින් තම වරද පිළිගනියි

December 27, 2023 - 5:51 PM
දිවයින පුරා සිදුවූ හදිසි විදුලි බිඳවැටීම තම මණ්ඩලය අතින් සිදුවු වරදක් බවට ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන තිබෙනවා.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පසුගිය 09 වනදා දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවුණා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ, පැය 5කට ආසන්න කාලයක් විදුලි බිඳවැටීම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව නොලැබීම සම්බන්ධයෙන් ඔවුන් මෙසේ වරද පිළිගෙන ඇති බවයි.

එසේ සිදුවීම තම මණ්ඩලයේ ගැටලුකාරී තත්ත්වයක් බව ද විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)