ලංකා විදුලි සේවක සංගමය විරෝධතා ක්‍රියාමාර්ගයක

January 02, 2024 - 11:09 AM
හෙට (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර තිබෙන බව ලංකා විදුලි සේවක සංගමය පවසනවා. 

ඒ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිවයි. 
 
අදාළ පනත් කෙටුම්පත වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස විදුලිබල අමාත්‍යවරයාට දැනුම් දෙන බව එහි ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළා.
(lknews.lk)