ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ඉහළ යයි

March 06, 2024 - 10:16 AM
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විදේශ විනිමය ආදායම් සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා.

නෞකා වෙත ඉන්ධන සැපයීමේ ක්‍රියාවලිය හරහා උපයාගන්නා ආදායම්වලින් ද, පසුගිය කාලය තුළ සිදුකළ දැවී තෙල් අපනයනය කිරීමේ කාර්යය හරහා ද කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර සංස්ථාවේ ඩොලර් ආදායම් ඉහළ යාමට එය ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන් වනවා.
(lknews.lk)