චාමර සම්පත්ට එක් නඩුවකින් ඇප

April 08, 2025 - 11:28 AM
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ අද (08) උදෑසන යළිත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.


2016 වසරේ ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් එම පළාතේ පෙර පාසල් දරුවන්ට බෑග් ලබාදීම සඳහා රාජ්‍ය බැංකුවක් අනුග්‍රහයක් ඉල්ලා සිටියා.

පසුව එම බැංකුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් 06ක් කල්පිරීමට පෙර ඉවත් කිරීම තුළින් අදාළ පළාත් සභාවට රුපියල් ලක්ෂ 173කට අධික පාඩුවක් සිදුකළේ යැයි සැකපිටයි අත්අඩංගුවට ගනු ලැබූයේ.


අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියම කළ අතර මෙම නඩුව අද (08) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබූවා.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැරීමටයි නියෝග කළේය.

එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙනවා.

කෙසේ වෙතත් වාර්තා වන්නේ ඊයේ (07) බදුල්ල අධිකරණයේදී විභාගයට ගත් නඩුවෙන් ඔහුට ලබන 21වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටීමටයි.


(lknews.lk)