චාමර සම්පත් අධිකරණයට රැගෙන එයි

April 07, 2025 - 11:51 AM
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක මහතා බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (07) උදෑසන රැගෙනවිත් තිබෙනවා.

නඩු 03ක් සම්බන්ධයෙන් පසුගිය 27වනදා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට නඩු 02කින් ඇප හිමි වුවත් එක් නඩුවකට අදාළව නැවත රක්ෂිත බන්ධනාගාරගත කර කෙරුණා.

අනතුරුව පසුගිය අප්‍රේල් 01වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ඒමෙන් අනතුරුව නැවත වරක් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි අධිකරණය නියෝග කළේ.


(lknews.lk)