චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙයි

January 03, 2024 - 3:14 PM
රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහට විවේකය අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

ඒ අනුව ඔහු මේ වන විට ශ්වසන ආධාරකවලින් තොරව සාමාන්‍ය පරිදි ශ්වසනය සිදුකරන බවත් ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක නිරතවෙමින් සිටින අතර සමස්තයක් ලෙස ඔහුගේ තත්ත්වය යහපත් තත්ත්වයට හැරී ඇති බවද සඳහන්.

ඔහුගේ හඬ යථා තත්ත්වයට පත්වීමට ටික කාලයක් ගත වන අතර ඒ අනුව මාස 4ක් 5ක් යන විට ඔහුට යළි ගායන ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙනු ඇති බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන වැඩිදුරටත් සඳහන් කළේ.
(lknews.lk)