ඉන්දියාවට එරෙහි සංචිතයේ සිටි චමීර එළියට

July 24, 2024 - 12:19 PM
ශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන T20 තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු අබාධයකට ලක් වීම හේතුවෙන්.

ඒ අනුව ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග සඳහන් කළේ ඔහු වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් සංචිතයට ආදේශ කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

(lknews)