උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහනේ වෙනසක්

October 21, 2023 - 12:52 PM
උතුරු මාර්ගයේ දුම්රිය කාලසටහන අද (21) සිට සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව යාල්දේවී දුම්රිය ඇතුළු තවත් දුම්රියන් කිහිපයක ආරම්භක ධාවන වේලාවන් වෙනස්ව තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
 
ඒ අනුව,
 
පස්වරු 01.40ට කන්කසන්තුරය සිට කොළඹ කොටුව සහ ගල්කිස්ස දක්වා ධාවන වූ යාල්දේවි දුම්රිය අද සිට පෙරවරු 10.00ට කන්කසන්තුරය දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට නියමිතයි.

කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සෙනසුරාදා දින පෙරවරු 05.20ට ධාවනය වූ දුම්රියේ වේලාව පෙරවරු 05.30 ලෙස සංශෝධනය කර තිබෙනවා.

දෛනිකව පොල්ගහවෙල සිට මහව හංදිය දක්වා පෙරවරු 05.30ට ධාවන වූ දුම්රියේ වේලාව පෙරවරු 05.25 ලෙස සංශෝධනය කර තිබෙනවා.

දෛනිකව කුරුණෑගල සිට මහව හංදිය දක්වා පෙරවරු 08.55ට ධාවන වූ දුම්රියේ වෙලාව පෙරවරු 09.15 ලෙස සංශෝධනය කර තිබෙනවා.
LK NEWS