හෙට සිට කාලගුණයේ වෙනසක්

March 19, 2024 - 9:32 PM
පවතින කාලගුණයේ තාවකාලික වෙනසක් හෙට දිනයෙන් පසු අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව කියා සිටියේ, ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල මෙන්ම නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති විය හැකි බවයි.
(lknews.lk)