කෝටි 50ක රත්තරන් වැසිකිළිය සොරකම් කළ 04කට චෝදනා

November 08, 2023 - 8:49 AM

Blenheim මාලිගයේ සිට කැරට් 18ක රත්තරන් වැසිකිළියක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සොරකම 2019 දී සිදු වූ අතර වැසිකිළිය Blenheim මාලිගාවේ කලා ස්ථාපනයක කොටසක් බවයි සඳහන් වන්නේ.

පවුම් මිලියන 4.8ක් වටිනා (රුපියල් කෝටි 50කට පමණ සමාන) ‘අමෙරිකා’ ලෙස නම් කර ඇති මෙම සුඛෝපභෝගී කොමඩ් එක නිර්මාණය කර ඇත්තේ ප්‍රකට ඉතාලි සංකල්ප කලාකරුවෙකු වන Maurizio Cattelan විසින්.

ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයක් වන Blenheim මාලිගය, එක්සත් රාජධානියේ හිටපු අගමැති වින්ස්ටන් චර්චිල්ගේ උපන් ස්ථානය බවයි සඳහන් වන්නේ.

ඒ අනුව සොරකමට සම්බන්ධ පුද්ගලයන් හතර දෙනෙකුට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට අවසර ලබා දී ඇති බව Crown Prosecution Service (CPS) නිවේදනය කර තිබෙනවා.

මෙම සැකකරුවන් සිව්දෙනා නොවැම්බර් 28 වැනිදා ඔක්ස්ෆර්ඩ් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම රන් වැසිකිළිය මීට පෙර 2016 දී New York හි Guggenheim කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීමට කටයුතු කළ ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
(lknews.lk)