ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවයට සහභාගී වූ සූපවේදීන් යළි දිවයිනට

March 07, 2024 - 12:11 PM
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි මහතාගේ බාල පුත් ආනන්ත් අම්බානිගේ විවාහ මංගල උත්සවය පසුගිය දා අතිඋත්කර්ෂවත් අයුරින් ගුජරාටි ප්‍රාන්තයේදී පැවැත් වුණා.

එම මංගල සාදයේ ආහාර පිසීම සඳහා ඉන්දියාවට ගොස් සිටි ලාංකීය සූපවේදීන් 13 දෙනා  අද (07) උදෑසන යළි දිවයිනට පැමිණ තිබෙනවා.

ඔවුන් Citrus හෝටල් සමූහය නියෝජනය කරමින් කොළඹ Citrus හෝටලයේ Ceylon Curry Club අවන්හල නියෝජනය කරන සූපවේදීන් පිරිසක්.
(lknews.lk)