තවත් පළාතක දරුවන්ට ශිෂ්‍යත්ව හිමි වෙයි

July 14, 2024 - 3:36 PM
දැයේ සියලු දරු දැරියන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම වෙනුවෙන් 'ජනාධිපති ශිෂ්‍යත්ව 2024' වැඩසටහන මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව 116000ක් පිරිනැමීමට නියමිතයි.

ඒ අතරින් යාපනය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කලාප 5කට අයත් දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 3844ක් පිරිනැමීම සිදු වුණා.

එහිදී උසස් පෙළ සිසුවෙක් සඳහා මසකට රු. 6000 බැගින් ශිෂ්‍යත්ව 300ක් හා 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුවෙක් සඳහා මසකට රු.3000 බැගින් ශිෂ්‍යත්ව 3544ක් ද පිරිනමනු ලැබුවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මෙම වැඩසටහන සඳහා දායකත්වය සපයනු ලබනවා.



(lknews)