පළමු ශ්‍රේණියට දරුවන් අඩුවෙයි

April 08, 2024 - 11:52 AM
මෙරට පාසල්වල පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීම පසුගිය වසර දහයේ දී හතළිස් දහසකින් පමණ අඩු වී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

මෙම තත්වයට ප්‍රධාන හේතුව දරු උපත් ප්‍රමාණය අඩුවීම බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ.

එම අමාත්‍යාංශයේ දත්ත නිරීක්ෂණයට අනුව රජයේ පාසල් සඳහා පළමු ශ්‍රේණිය ඇතුළත් කරන දරුවන්ගේ සංඛ්‍යාව අඩු වී තිබෙනවා.

ඒ අනුව 2022 වසරේදී  පළමු ශ්‍රේණියට ඇතුළත් කර ඇති දරුවන් සංඛ්‍යාව 292,216ක්.
 
පෙර වසරට වඩා 11,889 කින් අඩු වී ඇති බවයි එම දත්ත අනුව අනාවරණය වන්නේ.

(lknews.lk)