චීන නෞකාව පර්යේෂණ කටයුතු අරඹයි

October 30, 2023 - 12:48 PM

Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව මෙරට බටහිර වෙරළ තීරයේ සමුද්‍ර පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම පර්යේෂණ කටයුතු සඳහා මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පැය 48ක කාලයක් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද සහ හෙට අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන බව සඳහන්.

නාරා ආයතනය සමග එක්ව Shi Yan 6 නෞකාව අදාළ පර්යේෂණ කටයුතු සිදු කරන අතර ඊට නාවික හමුදා නිලධාරීන්ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා එම පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදු කර ඇති අතර එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා.

පසුගිය 26 වනදා Shi Yan 6 චීන පර්යේෂණ නෞකාව මෙරටට පැමිණියා.
(lknews.lk)