චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට

June 05, 2025 - 10:53 AM
චීන ජාතික කාන්තාවක් කොළඹ වංචා විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන්.

ඕස්ට්‍රේලියාවට සංචාර වීසා ලබාදෙන පව පවසමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් වංචා කිරීම, ඇමරිකානු ඩොලර් ලබාදෙන බවට පවසා රුපියල් 191,600ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම කාන්තාවට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙනවා. 

ඒ අනුව විමර්ශන පැවැත් වූ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 
 
(lknews)