සේවකයන්ට Bonus ගෙවීම පිළිබඳ චක්‍රලේඛය නිකුත් වෙයි

December 24, 2024 - 6:41 PM
මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව චක්‍රලේඛයක් මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය ව්‍යවස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලය සහ රජය සතු සමාගම්වල කාර්යය මණ්ඩලය සඳහා මෙම දීමනාව ලබාදෙන බවයි වාර්තා වන්නේ.

2023 වසරේ අවම වශයෙන් 30%ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයන් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන බව එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම ප්‍රසාද දීමනා ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගත යුතු බවද එම චක්‍රලේඛයේ වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

(lknews)