රජයේ සේවකයන්ගේ රැකියා වේලාවන් ගැන චක්‍රලේඛයක්

January 11, 2024 - 10:25 AM
කාර්යාල ගතව සේවය කරන රජයේ සේවකයන් උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා කාර්යාලවල රැඳි සිටිමින් සිය රාජකාරි කටයුතු කිරීම අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. 

ඒ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින්. 
 
ඇතැම් රාජ්‍ය ආයතනවල නිලධාරින් සහ සේවකයන් අදාළ කාලසීමාව නොතකා පැමිණීම සහ පිටවීම සිදු කරන බවට නිරීක්ෂණය වීමත් සමග මෙම චක්‍රලේඛය නිකුත් කළ බවයි එම අමාත්‍යංශය පැවසුවේ. 
 
අදාළ චක්‍රලේඛය පහතින්...
(lknews.lk)