Clean Sri Lanka කාර්ය සාධක බලකාය නම් කරයි

December 20, 2024 - 9:58 AM
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට අනුව පිහිටවනු ලැබූ Clean Sri Lanka වැඩසටහන සැලසුම් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් ඊයේ (19) ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ අත්සනින් යුතුව නම් කර තිබෙනවා.

මේ සඳහා  ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයන් 18දෙනෙක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පාරිසරික, ආර්ථික සහ සමාජීය තිරසරබව ළඟාකර ගැනීම සඳහා රට තුළ යාන්ත්‍රණයක් සකස් කිරීම මෙහි අරමුණයි.

(lknews)