දීගරොල්ල පැරණි පාලම පිරිසිදු කිරීම අරඹයි
January 03, 2025 - 4:58 PM
Clean Sri Lanka වැඩසටහනට අනුගාමීව පානදුර සහ මොරටුව යා කෙරෙන දීගරොල්ල පැරණි පාලම පිරිසිදු කිරීමේ කටයුතු අද (03) ආරම්භ කර තිබෙනවා.
මෙම පිරිසිදු කිරීමේ කටයුතු සඳහා පානදුර උතුර පොලිස් ස්ථානය, පානදුර උතුර ප්‍රජා පොලිස් නිලධාරීන් හා එක්ව පානදුර ප්‍රාදේශීය සභාවේ සේවකයන් සහ ප්‍රදේශවාසීන් සහභාගී වූ බවයි වාර්තා වන්නේ.
වසර 103ක් පමණ පැරණි මෙම පාලම කැලිකසළ සහ අපවිත්‍ර වීම හේතුවෙන් වසා දමා තිබෙනවා.
කෙසේ නමුත් අද එය නැවත මහජනතාවට භාවිතා කළ හැකි පරිදි සුද්ධ පවිත්‍ර කර දීමට නියමිතයි.
(lknews)