ආනයනය කළ සහල් තොග නිෂ්කාශනය අවසන්

December 29, 2024 - 11:29 AM
සහල් මෙට්‍රික් ටොන් 75,000ක් මෙරටට ආනයනය කර නිෂ්කාශනය කර අවසන් බවද ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළා.

ඒ අද (29) පෙරවරුව වන විටදීයි.

ඔවුන් සඳහන් කළේ ඉන් මෙට්‍රික් ටොන් 32,000ක් කැකුළු සහල් වන අතර මෙට්‍රික් ටොන් 43,000ක් නාඩු සහල් වන බවයි.

ආනයනය කරන සහල් හැකි ඉක්මනින් බෙදා හැරීම සඳහා රේගුව විසින් ආහාර පරීක්ෂකවරුන් සහ ශාක නිරෝධායන නිලධාරීන්ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කළා.

(lknews)