නව වසරේ සිට පාසල් සිසුන්ට මසා නිම කළ ඇඳුම්

December 06, 2024 - 4:26 PM
2025 වසරේ සිට පාසල් සිසුන් වෙනුවෙන් මසා නිම කළ ඇඳුම් ලබා දීමට රජය බලාපොරොත්තු වන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති ප්‍රකාශ කළා.

ඒ අද (06) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින්.

අමාත්‍යවරයා සඳහන් කළේ පාසල් නිල ඇඳුම් සඳහා රෙදි ලබා දීමේදී විශාල රෙදි ප්‍රමාණයක් අපතේ යාම හේතුවෙන් මෙම තීරණයට එළඹීමට බලාපොරොත්තු වන බවයි.


(lknews)