මුහුදුබඩ දුම්රිය ප්‍රමාදය ලබන 10 වනදා තෙක්

March 08, 2024 - 11:15 PM
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇති බව දුම්රිය බලධාරීන් පවසා තිබුණා.

එම දුම්රිය ප්‍රමාදය සිදු වී තිබුණේ, කොළඹ දෙස සිට මාතර දෙස දක්වා වන දුම්රිය මාර්ගයේ බම්බලපිටිය - වැල්ලවත්ත අතර කොටසේ හදිසි අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන්.

එම නඩත්තු කටයුත්ත අනිද්දා (10 ) දක්වා ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
(lknews.lk)