මුහුදුබඩ දුම්රිය මඟ නවතියි

June 13, 2024 - 2:41 PM
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට මොරටුව දක්වා සහ මාතර - ගාල්ල සිට වාද්දූව දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන්.

මේ වනවිට පීලි පැන තිබෙන දුම්රිය පීලි ගත කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

(lknews)