පොල් මිල ඉහළ යයි

March 02, 2024 - 1:59 PM
ඇතැම් ස්ථාන වල පොල් ගෙඩියක මිල රුපියල් 150ක මිලට අලෙවි වන බවට පාරිභෝගික ජනතාව චෝදනා කරනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ, මේ හේතුවෙන් උත්සව සමයේ වෙළඳපොලේ සිදුවන අනිසි මිල වැඩි වීම් පාලනයට ඉදිරි සතියේදී පොල් සහ බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බවයි.
(lknews.lk)